Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා ට එරෙහිව පොලීසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාදී බලහත්කාරය පා බැන තර්ජනය කළැයි සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසී නිකුත් කරන්නැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ප්‍රතික්ෂේප කළේය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව පවතින වැරදිවලට අදාළව චෝදනා පත්‍රයක්  පෙබරවාරි මස තුන දින අධිකරණයට ගොනු කරන ලෙස අනුරාධපුර පොලිසියට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එලෙස චෝදනා පත්‍රයක් ගොනු කිරීමෙන් අනතුරුව සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

Related posts

SLR declared an essential service

Mohamed Dilsad

Navy arrests 4 Indian fishermen for poaching in Sri Lankan waters

Mohamed Dilsad

Army places buses on standby at SLTB request

Mohamed Dilsad

Leave a Comment