Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි බිල අඩුවීමේ වාසිය ජල පාරිභෝගිකයන්ටත් ලැබේවිද…?

විදුලි ගාස්තු අඩු කිරීමට සාපේක්‍ෂව ඉදිරියේදී ජල ගාස්තු ද අඩුවනු ඇතැයි ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කරයි. එහි උසස් නිලධාරියෙකුසඳහන් කළේ, විදුලි ගාස්තු අඩු වීමේ වාසිය ජල පාරිභෝගිකයන්ටද ලබා දීමට ඇති හැකියාව පිළිබඳ මේ වන විටත් අධ්‍යයනය කරමින් සිටින බවයි. 

ඒ අනුව එහි අවසන් වාර්තාව සති දෙකක් තුළ අමාත්‍යංශය වෙත යොමු කිරීමට කටයුතු කරන බවද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි. මේ වන විට මෙරට ජල පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ 32 ක් පමණ වන බවද මණ්ඩලය සඳහන් කරයි. පසුගිය වසරේ අගෝස්තු 21 වනදා ජලගාස්තු සංශෝධනය කළ අතර, එහිදී  ජල ගාස්තු සියයට 5.94% කින් අඩු කෙරිණ.

Related posts

මෙරට කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2752 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

“No UN Troops in Sri Lanka,” State Defence Min. clarifies

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 100 අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment