Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා මන්ත්‍රීවරුන්ගේ වැටුප ට කරන දේ

ජාතික ජන බලවේග රජයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ වැටුප් සහ දීමනා එක් ගිණුමකට බැර කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ප්‍රකාශ කරයි.

ඔහු සඳහන් කළේ 1994 දී ජනතා විමුක්ති පෙරමුණේ පළමු මන්ත්‍රීවරයා වූ නිහාල් ගලප්පත්ති තේරී පත් වූ දා සිට පක්ෂය විසින් පවත්වාගෙන යන සම්ප්‍රදාය අනුව කටයුතු කරන බවයි.

“බොරැල්ලේ මහජන බැංකුවේ තියෙන ගිණුමකට ගියාට පස්සේ ඒකෙ තියෙන සල්ලිවලිනුත් ජනතා සේවය තමයි කරන්නේ. මහා භාණ්ඩගාරයට නෙමෙයි, ඒ මුදල් ජනතාවට සේවය කරන්න පුළුවන් අවස්ථාවක් වෙනවා”

මන්ත්‍රීවරුන්ට යනුවෙන් විශේෂ වාහන ගෙන්වීමක් නොකරන බවත් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම සඳහා බලපත්‍ර නොලැබෙන බවත් මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

“Meth saviya” and Maithri Bhushana Awards under President’s patronage

Mohamed Dilsad

நிதி நிறுவனமொன்றில் 18 இலட்சம் ரூபாய் கொள்ளை

Mohamed Dilsad

රු 20,000ක් ඉල්ලා රාජ්‍ය සේවකයින් කෑම පැයේ උද්ඝෝෂණයේ

Mohamed Dilsad

Leave a Comment