දේශීය

සාමාන්‍ය පෙළ විභාගය ගැන ඇමති අද පාර්ලිමේන්තුවේදී කියු කතාව

(UTV |කොළඹ) – ඉදිරියේදී රටේ සියලු පාසල් විවෘත කිරීමට නොහැකි වුවහොත් අපොස සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (28) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

මේ වන විට සාමාන්‍ය පෙළ විභාගයට දින නියම කර තිබෙන බවත් ඒ 2021 ජනවාරි මාසේ 18 වනදා සිට 27 වනදා දක්වා බවත් අමාත්‍ය වරයා පැවසීය.

තව සතියක් දෙකක් තුළ අපිට පාසල් විවෘත කිරීමේ අසීරුතාවයක් තිබෙනවා නම් අකමැත්තෙන් හෝ අපිට තීරණයක් ගන්න වෙනවා විභාගය කල්දැමීමට යයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

“ඒ ගැන තාම අවසන් තීරණයක් අරන් නෑ. සතියක් තුළ තීරණයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෞඛ්‍ය විශේෂඥයින් උපදෙස් දීලා තියෙනවා පාසල් ආරම්භ කළත් ඉතා ඉක්මණින් ක්‍රීඩා කටයුතු ආරම්භ කරන්න එපා කියලා. ඒකට පැහැදිළි හේතුව සමාජ දුරස්ථභාවය ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම,” යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්  මහතා සඳහන් කළේය.

Related posts

පාරිභෝගික අධිකාරිය, සහල් තොග කඩ පරීක්ෂා කරයි.

Editor O

දිස්ත්‍රික් 04ක අවධානම් ස්ථානවල ජනතාව ඉවත් කෙරේ

Editor O

සෞඛ්‍ය ඇමතිට එරෙහිව විශ්වාසභංගයක් ?

Mohamed Dilsad

Leave a Comment