Trending Newsඑසැන පුවත්දේශීය

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි

දිවයිනේ පළාත් කිහිපයකටම බලපා ඇති අයහපත් කාලගුණය හමුවේ ජලාශ කිහිපයකම වාන් දොරටු විවෘත කර තිබේ. ඒ අනුව රාජාංගන ජලාශයේ වාන් දොරටු තිහෙන් වාන් දොරටු 10 ක් මේ වන විට විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝණ අඩි 12,063ක ජල ධාරිතාවක් කලාඔයට මුදාහරින බවද, ජලාශභාර ඉංජිනේරුවරයා සඳහන් කළේය.

මේ අතර උල්හිටිය රත්කිඳ ජලාශයේ සියලු වාන්දොරටු මීටර් දෙක බැගින් විවෘත කර තිබෙනවා.ගිරිතලේ වැවද මේ වනවිට වාන් දමමින් පවතී. මේ නිසාවෙන් ගිරාදුරුකෝට්ට රත්කිද මාර්ගයේ රත්කිද කෝසුව ජලයෙන් යටවී ඇති හෙයින් එම මාර්ගයේ ගමන් කිරීමෙන් වලකින ලෙසත් ජලාශය පහල නිම්නයේ පදිංචි ජනතාවට දැඩි විමසිල්ලෙන් අවධානයෙන් කල්පනාකාරීව ආරක්ෂිතව සිටින ලෙසටද අනතුරු හගවා තිබේ .

මේ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ජලගැලීම් හේතුවෙන් සෝමාවතිය – සුංගාවිල මාර්ගයේ 36 කණුව අසළින් සහ අවුකන – කැකිරාව මාර්ගය අවුකන විහාරස්ථානය අසළින් මාර්ග අවහිර වී ඇති බවයි.

Related posts

புதிய பிரதமருக்கு ஆதரவளிப்பதான கருத்தை நிராகரிக்கும் ரவூப் ஹக்கீம்

Mohamed Dilsad

Basic Plan for Rubber Manufacturing launched

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතා පා ගමනක

Mohamed Dilsad

Leave a Comment