Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිගේ චීන සංචාරයේ පැරණි ව්‍යාපෘති පමණයි. අලුත් ව්‍යාපෘති කිසිවක් නෑ – පාඨළී චම්පික

ජනාධිපතිවරයා චීනයට ගොස් අත්සන් තැබවේ පැරණි ව්‍යාපෘති බවත් අලුත් ව්‍යාපෘති කිසිවක් නැති බවත් හිටපු ඇමති පිඨලී චම්පික රණවක මහතා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ පැවසුවේය.

“බොහෝ ව්‍යාපෘති අතීත ව්‍යාපෘති. අලුත් ආයෝජන කියලා කිසිවක් ඇවිල්ලා නෑ. විශේෂයෙන්ම ඔය තෙල් පිරිපහදුව පිළිබඳ කරුණ ගත් කළ, ඕක කාලයක් තිස්සේ තියෙන අදහසක්.

වරාය හදන වෙලාවෙත් 2011 මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ අක්කර දෙදාහකට අධික ප්‍රමාණයක් ඔය වරායේ අවට කර්මාන්ත පුරයකට වෙන් කළා. එක අංගයක් තිබුණේ ඔය පිරිපහදුව. ඒ වගේ ම මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ කාලේ ඒ මුල අවස්ථාවේ අපි චීනෙට ගියා. ඒ චීන කණ්ඩායමේ මමත් හිටියා පිරිපහදු දෙකක් හැදීම සඳහා. යෝජනාවක් කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා. මලික් සමරවික්‍රම ඇමතිතුමා ගෙනල්ලා. ඒ වගේ ම ගිය ආණ්ඩුවලත් ඕක දිගටම කතා වෙච්ච දෙයක්.

අලුත් දෙයක් නෑ. අලුත් යමක් නෑ. එක ම දේ තමයි හොංකොං නගරය වගේ ලංකාවත් තමන්ගේ ප්‍රාන්තයක් කරගන්න චීනය උත්සාහ කරනවායි කියපු නායකයාට ගිහිල්ලා වරාය නගරය සම්බන්ධයෙන් ව්‍යාජ මත පතුරපු නායකයින්ට ගිහිල්ලා මේක කරන්න සිද්ධ වෙච්ච එක තමයි ඛේදවාචකය”

Related posts

Rajapaksa accepts Modi’s invitation to visit India – Sources

Mohamed Dilsad

ரஞ்சித் சொய்சா எம்.பி க்கு விளக்கமறியல்

Mohamed Dilsad

COVID – 19 අරමුදලේ ශේෂය මිලියන 655 ක්

Mohamed Dilsad

Leave a Comment