Trending Newsඑසැන පුවත්දේශීය

යුරෝපා සංගම් තානාපති සහ යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවෙයි.

යුරෝපා සංගම් තානාපති සහ යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් ඇතුළු පිරිසක් අද (18) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබෙනවා.

ඒ අවස්ථාව සඳහා යුරෝපා සංගමයේ තානාපති කාමෙන් මොරෙනො යුරෝපා සංගමයේ මෙරට සහ මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ලාර්ස් බ්‍රෙඩල් මහතා සහ යුරෝපා සංගමයේ ප්‍රධාන නිරීක්ෂකයකු ලෙස කටයුතු කරන නචො සැන්චිස් මහතා ඇතුළු පිරිසක් එක්වී ඇති බව සඳහන්.

මෙහි දී දෙපාර්ශ්වය අතර සමාජ, ආර්ථික හා දේශපාලන කරුනු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන් විසින් 2024 ජනාධිපතිවරණයට අදාළව සිදු කරන ලද මැතිවරණ නිරීක්ෂණ වාර්තාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී තිබෙනවා.

Related posts

Indonesia flash flooding kills 21

Mohamed Dilsad

ஆசிரியர் தாக்கியதில் மாணவர்கள் வைத்தியசாலையில் அனுமதி…

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කල 5,212 කට නඩු පැවරේ

Mohamed Dilsad

Leave a Comment