Trending Newsඑසැන පුවත්දේශීය

වී කිලෝවට රු. 150ක සහතික මිලක් අවශ්‍යයි – ජාතික ගොවිජන එකමුතුව

මහ කන්නයේ වී අස්වනු මිලට ගැනීම පෞද්ගලික වෙළෙඳුන් විසින් ආරම්භ කර ඇති බවත් නමුත් රජය මේ වන තෙක් වී සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත් කර නැති බවත් ජාතික ගොවිජන එකමුතුව පෙන්වා දෙයි.

එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසන්නේ අද වන විට වී ගොවීන්ගේ වියදම් ආදායම් සැලකිල්ලට ගැනීමේදී වී කිලෝ එකක නිෂ්පාදනය වියදම රුපියල් 116 ක් පමණ වන බවයි. ඊට 25%ක නිෂ්පාදන ලාභයක් සමඟ සමස්ත නී කිලෝවකට රුපියල් 29 ලාභයක් අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.

“අම්පාර, අක්කරෙයිපත්තුව ඇතුළු සෑම ප්‍රදේශයකම වී අස්වනු නෙළීම ආරම්භ වෙලා. නමුත් වී වලට සහතික මිලක් තවම ප්‍රකාශයට පත් කර නැහැ.ඇමැතිවරයා අපිට සාකච්ඡාවකට එන්න කියලා බොරුවට කරට අත දාගෙන රැවැට්ටුවා. ඉක්මනින් සහතික මිල ප්‍රකාශයට පත් නොකළ හොත් වෙළෙන්දෝ කුණු කොල්ලයට වී ටික මිලදී ගනීවීව්”

Related posts

“Sri Lanka making progress in fighting corruption is good for people” – British HC

Mohamed Dilsad

පාකිස්තානයේ කරච්චි පොලිස් මූලස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක්

Mohamed Dilsad

96 වන ජාත්‍යන්තර සමුපාකාර දිනය වෙනුවෙන් පැවතී උත්සවය ඇමතු ඇමති රිෂාඩ් බදියුදීන් මහතා..

Mohamed Dilsad

Leave a Comment