Trending Newsඑසැන පුවත්දේශීය

වී කිලෝවට රු. 150ක සහතික මිලක් අවශ්‍යයි – ජාතික ගොවිජන එකමුතුව

මහ කන්නයේ වී අස්වනු මිලට ගැනීම පෞද්ගලික වෙළෙඳුන් විසින් ආරම්භ කර ඇති බවත් නමුත් රජය මේ වන තෙක් වී සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත් කර නැති බවත් ජාතික ගොවිජන එකමුතුව පෙන්වා දෙයි.

එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසන්නේ අද වන විට වී ගොවීන්ගේ වියදම් ආදායම් සැලකිල්ලට ගැනීමේදී වී කිලෝ එකක නිෂ්පාදනය වියදම රුපියල් 116 ක් පමණ වන බවයි. ඊට 25%ක නිෂ්පාදන ලාභයක් සමඟ සමස්ත නී කිලෝවකට රුපියල් 29 ලාභයක් අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.

“අම්පාර, අක්කරෙයිපත්තුව ඇතුළු සෑම ප්‍රදේශයකම වී අස්වනු නෙළීම ආරම්භ වෙලා. නමුත් වී වලට සහතික මිලක් තවම ප්‍රකාශයට පත් කර නැහැ.ඇමැතිවරයා අපිට සාකච්ඡාවකට එන්න කියලා බොරුවට කරට අත දාගෙන රැවැට්ටුවා. ඉක්මනින් සහතික මිල ප්‍රකාශයට පත් නොකළ හොත් වෙළෙන්දෝ කුණු කොල්ලයට වී ටික මිලදී ගනීවීව්”

Related posts

ආනයනික මාළු සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 25 කින් අඩුවේ

Mohamed Dilsad

இலங்கையில் நடைபெறும் பௌத்த மாநாட்டிற்கு சீனாவின் பூரண ஒத்துழைப்பு

Mohamed Dilsad

ඉහළ දැමූ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගාස්තු මෙන්න

Mohamed Dilsad

Leave a Comment