Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සේවක අර්ථසාධක අරමුදල ට කොටස් වෙළෙඳපොළේදී වෙච්ච දේ

සේවක අර්ථසාධක අරමුදල, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල සිදුකර ඇති ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම 2024 සැප්තැම්බර් 30වන දිනට රුපියල් බිලියන 109.69ක් බව එම අරමුදල නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්ය.

එදිනට අරමුදල විසින් කොටස් වෙළෙඳපොළ තුළ කර ඇති ආයෝජනයන්හි මුළු ගැනුම් පිරිවැය රු. බිලියන 88.67ක් ලෙස වන අතර, සේවක අර්ථසාධක අරමුදල කොටස් ‌වෙළෙඳපොළ තුළ ආයෝජනයෙන් අත්පත් කරගෙන ඇති සමස්ත ලාභය රු. බිලියන 21.01කි.

2024 ජුනි 30වන දින සේවක අර්ථසාධක අරමුදල කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ සිදුකර ඇති ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම සටහන්ව තිබුණේ රු. බිලියන 110.03ක් ලෙසයි.

මේ වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් කොටස් වෙළඳපොළ තුළ ආයෝජනය කර ඇති ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව 66ක් වේ. 

Related posts

2018 Local Government Election – Kilinochchi – Pachchilaippalli

Mohamed Dilsad

ගලෙන්බිඳුනුවැව, හොරොවුපතාන සහ කහටගස්දිගිලිය ගම්මාන වැසේ

Mohamed Dilsad

Fair weather will prevail over the country

Mohamed Dilsad

Leave a Comment