Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කරයි

පළාත් පාලන මැතිවරණය සඳහා 2023 වසරේ කැඳවූ නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත් ගැසට් කර තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීට අදාළව  කැඳවනු ලැබූ නාමයෝජනා අවලංගු කිරීම සඳහා වන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ නියෝග පරිදි ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

එම පනත් කෙටුම්පතට අනුව පසුගිය 2023 වර්ෂයේ මාර්තු මස 9 වන දින පැවැත්වීමට දින නියම කරන ලද පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්කරන ලද නාමයෝජනා පත්‍ර අවංගු වනු ඇත. දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් නම් කරනු ලැබූ අපේක්ෂකයින් සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ තැන්පතු ආපසු ගෙවීමට ද මෙම පනත් කෙටුම්පත මඟින් දැනුම් දී තිබේ.

අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් අනතුරුව පනත ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව මැතිවරණ කොමිශන් සභාව විසින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත්කළ යුතු අතර එම දිනය පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සිට මාස 3කට පෙර දිනයක් විය යුතු බව සඳහන්ය.

Related posts

India’s NIA team to arrive in Sri Lanka to probe into IS links

Mohamed Dilsad

විනිසුරු වැටුප්වලින් බදු අය කිරීම ගැන අධිකරණය දුන් නියෝගය

Mohamed Dilsad

ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වනවා – රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර

Editor O

Leave a Comment