Trending Newsඑසැන පුවත්දේශීය

වන සතුන්ගෙන් වන වගාහානි වලට විසඳුම් සොයන්න කමිටුවක් පත් කළා – නියෝජ්‍ය ඇමති නාමල්

වන සතුන්ගෙන් සිදුවන වගා හානි වැළැක්වීම සඳහා පියවර ගනිමින් සිටින බව, පරිසර නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. වන සතුන්ගෙන් වන වගා හානි වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය නිලධාරීන් අතර ඊයේ (04) පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමතිවරයා එම අදහස් පළ කළේය.

“වන සතුන්ගේ ප්‍රශ්නයෙන් ජනතාව විශාල වශයෙන් බැට කනවා. ඊට අදාළව පරිසර නියෝජ්‍ය ඇමතිතුමා සහ අනෙකුත් මන්ත්‍රීවරු, ඒ වගේම රජයේ ආයතන නියෝජනය කරමින් ආයතන ප්‍රධානීන්, පොලීසිය, මේ සියලු දෙනාගේම සහභාගීත්වයෙන් ගොවි නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා. ඒ අනුව අපි දිගුකාලීන විසඳුමක් විදියට සත්තුන්ගේ ප්‍රශ්නය බේරන්න වැඩපිළිවෙලක් දියත් කරන්න සැලසුම් කරලා තියෙනවා. කෙටිකාලීන විසඳුමක් විදියට කමිටුවක් නම්කළා මේ සියලුම ආයතන නියෝජනය වෙන විදියට, විශේෂයෙන්ම තාවකාලිකව මේ සත්තු අදාළ රක්ෂිතවලට පළවා හැරීමක් කිරීමට සහ තියෙන අලි වැටවල් සක්‍රීය කරන්න, කැඩිච්චා හදන්න. ඒ අනුව ඊට අදාළ තීන්දු තීරණ ගැනීම සඳහා කමිටුවක් පත් කළා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සම්බන්ධීකරණය සහිතව. ඒක ලබන 07 වෙනිදා රැස්වෙන්න දින යොදාගත්තා. ඒ අනුව ඊට අදාළ තීන්දු තීරණ ගන්න අපි තීරණ ගත්තා” යැයි ද කීවේය.

Related posts

අධිවේගයේ වාහන ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

Editor O

மின்வெட்டு காரணமாக இருளில் மூழ்கிய தென்அமெரிக்க நாடுகள்…

Mohamed Dilsad

නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය ලබන වසරේ සිට

Mohamed Dilsad

Leave a Comment