දේශීය

නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය ලබන වසරේ සිට

(UTV | කොළඹ) – අධ්‍යාපන පරිවර්තනයක් සඳහා මේ වන විට සැලසුම් සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී ය.

කොටස් හයකින් සමන්විත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියේ මුල් ම අදියර වන පරිපාලන අධ්‍යාපන වෙනස්කම ලබන වසරේ ජනවාරි මස වන විට ආරම්භ කරන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ ය.

ඒ අනුව, ඉදිරියේ දී දැනට තිබෙන කලාප කාර්යාල 100 සිට 120 දක්වා වැඩි කර ඒ යටතේ තිබෙන කොට්ඨාස 550ට අදාළ ව පාසල් මණ්ඩල (School Board) 550ක් ස්ථාපනය කරන බව අමාත්‍යවරයා පැවසීය.

“පාසල් දරුවන්ට සාමාන අධ්‍යාපන අවස්ථා 6 වන ශ්‍රේණියෙන් ඉහළට ඉංග්‍රීසී මාධ්‍ය, සිංහල දෙමළ වගේ ම, උසස් පෙළ විෂය ධාරා 4 තියෙන පාසල් සහ සම්පත් තියෙන පාසල් බවට ඒවා දැනටත් සමහරක් ඒවායේ තියෙනවා. නැති ඒවාට ලබා දීලා අපි ඒ හරහා පරිපාලනමය වශයෙන් වෙනස්කමකට භාජනය කරනවා.”

Related posts

සීමානිර්ණ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කෙරේ

Mohamed Dilsad

කොරෝනා මැඩලීමට ජනපති නියමයෙන් විශේෂ අරමුදලක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Mohamed Dilsad

Leave a Comment