දේශීය

සීමානිර්ණ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කෙරේ

සීමානිර්ණ කමිටු වාර්තාවට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

 

ඔහු පැවසුවේ අදාළ වාර්තාවේ කරුණු ඉදිරිපත් කර ඇති ක්‍රමවේදය හේතුවෙන් සංහිදියා ක්‍රියාදාමයට දැඩි බලපෑමක් එල්ල වන අතර පළාත් පාලන ආයතන තවදුරටත් ගැටලුකාරී තත්ත්වයකට පත්වනු ඇති බවය.

 

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මෙම අදහස් පළ කළේය.

 

ලබන වසරේදී නියත වශයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේය.

Related posts

දේශබන්දු තෙන්නකෝන් ආරක්ෂාව ඉල්ලයි.

Editor O

තවත් ආසාදිතයින් 277ක්

Mohamed Dilsad

බන්ධනාගාර සහ උසාවි අතර Skype  තාක්ෂනයෙන් නඩු කටයුතු කිරීමට අවධානය

Mohamed Dilsad

Leave a Comment