Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති කෙහෙළියගේ සහ පවුලේ අයගේ බැංකු ගිණුම් ඇතුළු වත්කම් තහනම තවදුරටත්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවත් මාස තුනක් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබෙනවා.අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.

එම කොමිසම සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ, දියණියන් ඇතුළු ඥාතීන්ගේ රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් බැංකු ස්ථාවර තැන්පතු සහ ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය විසින් මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණා.

එම නියෝගය අදින් අවසන් වීමට නියමිතව තිබූ අතර, අල්ලස් කොමිසම විසින් එය තවදුරටත් දීර්ඝ කරන ලෙස කරන ලද ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය අදාළ නියෝගය අප්‍රේල් මස 02 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට මෙලෙස නියෝග කළා.

Related posts

Railway Unions and President to hold decisive meeting today

Mohamed Dilsad

විදුලි ගාස්තු එලෙසම ගෙන යන්න මහජන අදහස් විමසයි.

Editor O

ஜனாதிபதி மைத்திரிபால சிறிசேன மற்றும் தஜிகிஸ்தான் ஜனாதிபதி இடையே சந்திப்பு

Mohamed Dilsad

Leave a Comment