Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ට්‍රම්ප් ට අයත් හෝටලයක් ඉදිරිපිට වාහනයක් පුපුරා යයි.

අමෙරිකාවේ නෙවාඩාවේ ලාස්වේගාස් හි ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් හෝටලයකට පිටත ඉන්ධන කැනිස්ටර් සහ ගිනිකෙළි මෝටාර් පිරවූ ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් පුපුරා ගොස් තිබෙනවා. අනතුරින් රියදුරු මිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ. තුවාල ලැබූ සියළු දෙනා යෞවනයන් බව සඳහන්.

මෙම ට්‍රක් රථය කොලරාඩෝ ප්‍රදේශයෙන් කුලියට ගෙන ඇති අතර පිපිරීමට පැය දෙකකට පමණ පෙර නගරයට පැමිණි බවයි පොලිසිය පවසන්නේ. ට්‍රම්ප්ගේ හෝටලය ඉදිරිපිට වීදුරු දොරටුවක් අසල නවතා තිබූ වාහනය දුම් නැගීමට පටන් ගෙන පසුව පුපුරා ගිය බව සඳහන්. මේ පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ, නව ජනපති වීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් හෝටලයක් ඉදිරිපිට සිදුවූ මෙම එලෝන් මස්ක්ගේ රථයක් පිපිරීම ගැන ධවල මන්දිරය අවධානය යොමු කරන බවයි.

Related posts

இஸ்ரேலில் தொழில்வாய்ப்பை பெற்றவர்களுக்கு விமானப்பயணச்சீட்டுகள்

Mohamed Dilsad

பப்ஜி கேம் விளையாடிய இருவரின் நிலை?

Mohamed Dilsad

දේශපාලන පලිගැනීම් විමර්ශණ කොමිෂන් සභා වාර්තාව ජනපතිට

Mohamed Dilsad

Leave a Comment