Trending Newsඑසැන පුවත්දේශීය

පුහාරයකින් බිඳ වැටුණ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය යථා තත්ත්වයට

සයිබර් ප්‍රහාරයට ලක්වු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සහ පොලීසියේ යුටියුබ් නාළිකාව මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා සඳහන් කළේ, අද (02) දිනය තුළ එම කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව පවතින බවයි. කෙසේ වෙතත් අදාළ සයිබර් ප්‍රහාර කුමන පාර්ශවයක් සිදුක‍ළේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව සඳහන්.

පසුගිය දෙසැම්බර් මස 30 වන දින රාත්‍රී පොලීසියේ සමාජ මාධ්‍ය ජාලාවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අතර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ද එවැනිම ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

Related posts

එංගලන්ත ගුරුවරුන් වැඩ වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

හෙට සිට සියළු පාසැල් වසා දමයි

Mohamed Dilsad

இன்டர்நெட் இல்லாமலும் ஜிமெயிலை பயன்படுத்தலாம்

Mohamed Dilsad

Leave a Comment