Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඉන්දියාවට බෝට්ටුවෙන් යන්න

ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව හෙට (02) සිට යළි ක්‍රියාත්මක කරන බවට සිව ගංගී නැව් සමාගම නිවේදනය කර තිබෙන බවට වාර්තා වනවා.

පසුගිය වසරේ ආරම්භ වූ නැව් සේවාව ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී උතුරු මුහුදු සීමාවට බලපෑ අධික සුලිසුලං සහ කුණාටු තත්වයන් මෙන්ම ගංවතුර බලපෑම් හේතුවෙන් නවතා දැමීමට නැව් සමගම තීරණය කළා.

හෙට (02) දිනයේදී නැවත ඇරඹෙන මගී නැව් සේවව සඳහා මගීන්ට අවශ්‍ය කෙරෙන ආසන වෙන්කරවා ගැනීම සඳහා සතියකට පෙර අවස්ථාව ලබා දී තිබූ අතර ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි දක්වා ගමන් කිරීමේ ගාස්තුව වශයෙන් රුපියල් 35,000ක් බවට දක්වා තිබෙනවා.

එමෙන්ම සතියේ ඉරිදා දින හැර සෙසු සියලුම දිනයන්හි නැව් සේවා සමාගම මගී ගමනාගමනය සිදුකිරීමටද බලාපොරොත්තුවෙන් සිටින බවට වැඩිදුරටත් වාර්තා වනවා.

Related posts

Djokovic beats Del Potro to win US Open

Mohamed Dilsad

வடமத்திய மாகாண சபை பிரச்சினை உயர் நீதிமன்றத்திற்கு

Mohamed Dilsad

வெள்ளவத்தை – தெஹிவளைக்கு இடையிலான புகையிரத பாதை இன்று முதல் தற்காலிகமாக மூடல்

Mohamed Dilsad

Leave a Comment