Trending Newsඑසැන පුවත්දේශීය

යුද හමුදාපතිවරයා පත් කරයි

නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා පත් කර තිබේ. ඔහු කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආදි සිසුවෙකි.

1989 ජනවාරි 20 වන දා බඳවා ගැනීමේ පාඨමාලා අංක 31 යටතේ කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදා සේවයට එක්වී ඇති අතර මේජර් ජෙනරාල් ලසන්ත රුද්‍රිගු 1990 ඔක්තෝම්බර් 5 වන දා දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ඇත. එමෙන් ම, කාලතුවක්කු රෙජිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ඔහු එම රෙජිමේන්තුවේ අධිපති ධූරයේ කටයුතු කර තිබේ. මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළේ ය.

Related posts

වසන්ත කරන්නාගොඩගේ නඩුවට අදාල ලිපිගොනු ජනපති කොමිසම වෙත

Mohamed Dilsad

பாடசாலை ஒன்றின் பாதுகாப்பு உத்தியோகத்தர் ஹெரோயினுடன் கைது

Mohamed Dilsad

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන සියලු කෞතුකාගාර වැසේ

Mohamed Dilsad

Leave a Comment