Trending Newsඑසැන පුවත්දේශීය

ඇමති බංගලාවලට කරන්න යන දේ.

ඇමති බංගලාවලින් අඩක් පමණ විදේශ සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.

පෞරාණික වටිනාකම් සහිත ඇමැති බංගලා ඒ සඳහා වෙන් කෙරෙනු ඇතැයි පැවසූ හෙතෙම මෙමගින් ලොකු ආදායමක් උපයාගත හැකි වෙතැයි අපේක්ෂා කරන බවද සඳහන් කළේය. මේ අතර ඇමැති බංගලා සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් ආරම්භ කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එම ඇමති බංගලා අයත් අමාත්‍යාංශ මොනවාද සහ එම බංගලා වලට අයිතිය දේපළ මොනවාද ඇතුළු කරුණු කාරණා රැසක් මෙහිදී සොයා ගැනීමට නියමිතය. මේ අතර රජයේ සේවකයන් වෙනුවෙන් ලබා දී ඇති බංගලා ඔවුනට දිගටම ලබාදීමට අපේක්ෂා කරන බව අමාත්‍යාංශය පවසයි. ඇමතිවරුන් වෙනුවෙන් කොළඹ වෙන්කර තිබූ බංගලා සංඛ්‍යාව 35කි.

Related posts

අන්තර්ජාලයේ ප්‍රචණ්ඩත්වය මුදා හරින වීඩියෝ ගැන විමර්ශනයක්

Mohamed Dilsad

An unidentified dead body brought ashore by Navy [VIDEO]

Mohamed Dilsad

රන්ජන්ගේ දෙවැනි නඩුව කල්යයි

Mohamed Dilsad

Leave a Comment