Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ට එරෙහිව නඩුවක්. මිලියන 100 වන්දියකුත් ඉල්ලයි.

යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් තමන්ට හා රෝහලේ කීර්තිනාමයට අපහාස කළේ යැයි පවසමින් මන්ත්‍රීවරයාට එරෙහිව රුපියල් මිලියන 100 ක් ඉල්ලා යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්තී විසින් යාපනය අධිකරණයේදී අපහාස නඩුවක් ගොනු කොට තිබේ.

යාපනය මහ රෝහලට ඇතුල් වී කාර්ය මණ්ඩලයට බාධා කිරීම සහ රෝහල් අධ්‍යක්ෂක ටී.සත්‍යමූර්ති වෛද්‍යවරයාට අපහසාත්මක අයුරින් බැණවැදීම ආදී කරුණු සම්බන්ධයෙන් පසුගිය 17 වනදා රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා යාපනය අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුවයි රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් නඩුව ගොනු කර තිබේ.

එමෙන්ම යපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේද, සමාජ මාධ්‍ය මගින් හා විවිධ ස්ථානවල සිට පාර්ලිමේන්තුව තුළද අර්චුනා මන්ත්‍රීවරයා විසින් තමන්ට මෙන්ම යපනය ශික්ෂණ රෝහලේ කීර්තිනාමයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කර ඇති බවටද රෝහල් අධ්‍යක්ෂක වරයා විසින් අදාළ නඩුව ගොනු කරමින් පෙන්වා දී තිබෙනවා.

මේ වන විට අර්චුනා මන්ත්‍රීවරයාට එරෙහිව දිවයිනේ විවිධ පුද්ගලයින් විසින් නඩු 20 ක් පමණ ගොනු කර තිබීමද විශේෂත්වයක්

Related posts

10 සහ 12 ශ්‍රේණිවලට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ නිර්දේශ කරමින් වාර්තාවක්

Mohamed Dilsad

Another suspect linked to Chief Jailor’s murder arrested

Mohamed Dilsad

வாக்கு சீட்டுக்களை அச்சிடும் பணிகள் – 4 நாட்களில் நிறைவு

Mohamed Dilsad

Leave a Comment