දේශීය

10 සහ 12 ශ්‍රේණිවලට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ නිර්දේශ කරමින් වාර්තාවක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10වන ශ්‍රේණියේදීත් අ.පො.ස උසස් පෙළ විභාගය 12 වන ශ්‍රේණියේදීත් පැවැත්විය යුතු බවට නිර්දේශයක් නිකුත් කර තිබේ.

 

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව එලෙස නිර්දේශ ඉදිරිපත් කර ඇති බවය.

 

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සහාවේ වාර්තාව එලෙස නිකුත්වී තිබේ.

 

එම කාරක සභාවේ සභාපති අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් එම වාර්තාව ඊයේ (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

 

අදාළ වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණි.

 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවට ස්වාධීනව කටයුතු කරන උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටුවීමට උසස් අධ්‍යාපනය සංවර්ධනය වෙනුවෙන් පත්කරන ලද විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නිර්දේශ කර ඇති බවය.

Related posts

මෙරට ලක්ෂ 5කට රැකියා අහිමි වී ඇති බව ලෝක බැංකුව කියයි

Mohamed Dilsad

ගෑස් අදත් හෙටත් නැහැ – ලිට්‍රෝ

Mohamed Dilsad

මල්වතු මහානායක හිමිගෙන්, ශිරන්ති රාජපක්ෂට අදාළව නිවේදනයක්

Editor O

Leave a Comment