Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වනවාද? නැත්ද ? තීරණය දෙසැම්බර් 31දා

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට සහභාගී වූ සිසු සිසුවියන් හා දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට පත් කරන බව අද (18) නිවේදනය කළේය.

යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් පුරා දින තුනක් තිස්සේ විභාගයට ගැණුනි. ඒ අනුව, පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයේ සියලුම නීතිඥවරුන්ගේ වාචික දේශන ඉදිරිපත් කිරීම අද සවස අවසන් විය.

ඉන් අනතුරුව ලිඛිත දේශන තිබේනම් ඒවා හෙට පෙ.ව. 9.00 පෙර ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය. ඒ අනුව, මෙම පෙත්සම්වලට අදාළ තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේය.

Related posts

සොයිසාපුර ප්‍රදේශයේ වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සහ රියදුරු අත්අඩංගුවේ

Mohamed Dilsad

Why hide Gota’s citizenship documents from media? – Mangala

Mohamed Dilsad

‘White van’ case: Suspects further remanded

Mohamed Dilsad

Leave a Comment