Trending Newsඑසැන පුවත්දේශීය

කතානායක ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එල්ලවන චෝදනා වහන්න මට චෝදනා කර ඵළක් නැහැ – නාමල් රාජපක්ෂ

මීට වසර 11කට පෙර පැවති නීති විභාගයකදී තමාට විශේෂත්වයක් කළ බවට එක්තරා දේශපාලන කණ්ඩායමක් ගෙන යන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

වංචාවට දූෂණයට හා නාස්තියට එරෙහි පුරවැසි ව්‍යාපාරයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර නැමැත්තෙක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර ඇතැයි සඳහන්.

ඒ පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය. “මට එල්ල වන අනෙකුත් බොහෝ චෝදනා මෙන්ම මෙයද දේශපාලන වාසි සඳහා පමණක් සිදුකරන්නක්. වසර ගණනාවක් තිස්සේ භාවිතා කරන ලද මෙවැනි චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිතයි. සාධාරණත්වය වෙනුවෙන් කවදත් ප්‍රබල කීර්තියක් හිමිකරගත් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විශ්වාසනීයත්වය මෙමගින් දැඩිලෙස හෑල්ලු කරයි. මම ඇතුළු කිසිම අපේක්ෂකයෙකුට විශේෂ සැලකිල්ලක් නැහැ.

මේ වන විට කතානායක අශෝක රංවල සහ ඒ ආශ්‍රිත ව ආණ්ඩුවේ මන්ත්‍රී – ඇමති පිරිසකට එරෙහිව රට තුළ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය යටපත් කිරීමට කිසියම් පිරිසක් විසින් මෙලෙස තමාට චෝදනා කරන බවද නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

Related posts

ரயன் வேன் ரோயன் உட்பட ஐவர் நாடு கடத்தப்பட்டனர்

Mohamed Dilsad

முச்சக்கர வண்டிகளுக்கு கட்டண அறவீட்டு மீட்டர் அடுத்த மாதம் முதல் நடைமுறையில்

Mohamed Dilsad

சம்மாந்துறை கரங்காவட்டை காணிப்பிரச்சினை அரச அதிபருக்கும் அமைச்சர் ரிஷாட்டுக்குமிடையிலான பேச்சில் சாதகம்

Mohamed Dilsad

Leave a Comment