Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී පාද වන්දනා සමය ඇරඹේ.

මෙවර ශ්‍රී පාද වන්දනා සමය අදින්(14)ආරම්භ වේ. එලෙස ආරම්භ වන වන්දනා සමය ලබන වසරේ මැඳින් පුන් පෝය දිනයෙන් නිමාවට පත්වනු ඇත.

වන්දනා සමයේ දී නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන දෙස් විදෙස් වන්දනාකරුවන්ට අවශ්‍ය පොදු පහසුකම් සැපයීමේදී ඇතිවන ගැටළු සඳහා විධිමත් අයුරින් විසඳුම් ලබාදීමේ අරමුණින් නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුලගේ ප්‍රධානත්වයෙන් නල්ලතන්නිය ග්‍රාම නිලධාරි කාර්යාල පරිශ්‍රයේදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසකගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්විණ.

මේ වන විට නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයේ තාවකාලික වෙළඳසැල් හිමියන් ශ්‍රීපාද කඳු මුඳුනට අලෙවිය සඳහා යම් ප්‍රමාණයක ප්ලාස්ටික් ජල බෝතල් ගෙනගොස් ඇති බව වෙළඳ සංගමයේ නියෝජිතයින් විසින් මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම, වෙළඳසැල් වලින් එම ජල බෝතල් අලෙවි කිරීමේදී ප්ලාස්ටික් ජල බෝතලයේ ඇති ජලය වන්දනාකරුවන් විසින් තම නිවෙස්වල සිට රැගෙන එන නැවත පරිසරයට බැහැර නොකරන ජල බෝතල්වලට එම ජලය පුරවා දීමට කටයුතු කරන ලෙස වෙළඳසැල් හිමියන්ට දැනුම්දී තිබේ.

තවද, මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් ආර්. රාජවීරන් සඳහන් කළේ ඉකුත් වන්දනා සමයේදී වන්දනාකරුවන් විසින් ශ්‍රීපාද රක්ෂිතයට හා පරිසරයට බැහැර කර තිබියදී ප්‍රාදේශිය සභාවේ පරිසර ඒකකය මගින් එක් රැස්කරන ලද හිස් ජල බෝතල් ප්‍රමාණය ටොන් 03ක් පමණ බවයි.

ශ්‍රී පාදස්ථානය වන්දනාව සඳහා පැමිණෙන වයෝවෘද්ධ පුද්ගලයින් හා විවිධ රෝගී පුද්ගලයින් ශ්‍රී පාද කඳු මුඳුණේ සිට හදිසියේ රෝගාතුර වී ප්‍රතිකාර සඳහා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන ඒමේදී ප්‍රතිකාර ප්‍රමාද වීමෙන් සෑම වන්දනා සමයකදීම ඉතා අවාසනාවන්ත ලෙස පුද්ගලයින් කීප දෙනෙක් මරණයට පත් වී ඇති බව මෙහිදී නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ශාන්ත වීරසේකර මහතා පැවසීය.

එයට පිළිමක් ලෙස හදිසි ප්‍රථිකාර සඳහා නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයේ ඉදිකටුපානේ සිට පහළට හදිසි ප්‍රථිකාර මධ්‍යස්ථාන කීපයක් ඉදිකළ යුතු බව පොලිස් ස්ථානාධිපතිවරයා ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, වන්දනාකරුවන් සඳහා අවශ්‍ය ආරක්ෂාව, විදුලිය, සනීපාරක්ෂාව, මාර්ග, දුම්රිය, මගී ප්‍රවාහන සේවාවන්, ආහාර සුරක්ෂිතතාවය, ඇතුළු මූලික පහසුකම් බාධාවකින් තොරව සැපයීමට මේ වන විටත් කටයුතු සූදානම් කර අවසන්ය.

Related posts

Emmy Awards 2019: Fleabag among major winners

Mohamed Dilsad

පොලීසියේ ඉල්ලීම මහෙස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

இன்று பல கோடி சம்பளம் பெறும் நடிகர் அஜீத், 14 வருடங்களுக்கு முன்னர் பெற்ற சம்பளம் எவ்வளவு தெரியுமா??

Mohamed Dilsad

Leave a Comment