Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ පොලීසියෙන් පැහැදිලි කිරීමක්

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ රජය විසින් ප්‍රභූ ආරක්ෂාව සඳහා නිලධාරීන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පත් කර ඇති කමිටුව මගින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක තක්සේරු වාර්තා සහ ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසිය දරන වැය බර සමාලෝචනයට ලක් කර ඇති බවය.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක කටයුතු ආවරණය කිරීම සඳහා අනුයුක්ත කර සිටින පොලිස් නිලධාරීන්ගේ වැය බර වාර්ශිකව රුපියල් මිලියන 1100ක් වන බව නිරීක්ෂණය වී ඇති බවත් පොලීසිය සිය නිවේදනයේ දක්වා තිබේ. එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් වාර්ෂිකව මිලියන 326කට වැඩි වැය බරක් දරන බවත් දක්වා තිබේ.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු ජනාධිපතිවරුන් සඳහා ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 දක්වා සංශෝධනය කර පවත්වාගෙන යාමට තීරණය ඇති අතර එම සංඛ්‍යාවට අමතර වරින් වර කමිටුව රැස්වී තක්සේරු වාර්තා කැඳවා නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමට හෝ වැඩි කිරීමට කටයුතු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා සන්නද්ධ සේවාවල සාමාජිකයින්ද යොදවා ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

Related posts

මෙරට 36 වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

இலங்கை டெஸ்ட் கிரிக்கட் அணியில் மீண்டும் லசித் மலிங்க?

Mohamed Dilsad

Cave rescue: All 13 out after 17-day ordeal in Thailand

Mohamed Dilsad

Leave a Comment