දේශීය

පොලීසියේ ඉල්ලීම මහෙස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බන්ධනාගාර නිලධාරීන් විසින් මේ වනවිට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.

 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති හෙයින් ඔහු මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරු මීට පෙර අධිකරණය හමුවේ ඉල්ලීම් කර තිබුණි.

 

එම ඉල්ලීම පිළිබඳ නියෝගය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් අද (31) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 

මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් සහ ක්‍රියාකාරීන් අධිකරණය ආසන්නයේ සිදුකරන නිහඬ විරෝධය වළක්වන නියෝගයක් නිකුත්කරන ලෙස කෙසෙල්වත්ත පොලීසිය කළ ඉල්ලීම මහෙස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.

 

එම ක්‍රියාකාරීන් ජනතාවට පීඩාවන ආකාරයට කටයුතු කරන්නේ නම් එය වැළැක්වීමට පොලීසිය සතු බලතල අනුව කටයුතු කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

 

 

Related posts

සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වෙයි

Mohamed Dilsad

කේරළ ගංජා කිලෝ 52 ක් සහ කහ කිලෝ 920 ක් STF අත්අඩංගුවට

Mohamed Dilsad

අදට ගැලපෙන පරිදි කම්කරු නීති වෙනස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment