Trending Newsඑසැන පුවත්දේශීය

සුජීව සේනසිංහ, පොලීසියට එරෙහිව උසාවි යයි.

නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තම නිවස පරීක්ෂා කිරීම තුළින් පොලිසිය සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය සුජීව සේනසිංහ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 15වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (13) අර්ජුන ඔබේසේකර සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම්කර තිබේ.

පෙත්සම්කාර සුජීව සේනසිංහ කියා සිටින්නේ නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් තම නිවස පරීක්ෂාකර තමන්ගේ ප්‍රශ්න කළ බවයි. පසුව සිදුකළ විමර්ශනවලදී එවැනි වාහනයක් පිළිබඳ තොරතුරු අනාවරණය නොවූ බවත් ඔහු පෙන්වා දෙයි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් සුදුසු වන්දියක් ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Related posts

විදේශගත වීමට නියමිත සිසුන් සඳහා කොවිඩ් එන්නත්කරණ වැඩසටහනක්

Mohamed Dilsad

Term of SLC Selection Committee extended

Mohamed Dilsad

Dry weather destroys onion cultivations in Jaffna

Mohamed Dilsad

Leave a Comment