Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

නාස්ති නොවෙන්න, කිරි මිරිකන විදිය ගැන උපදෙසක්

රට තුළ පොල් හිඟයක් ඇතිව තිබෙන්නේ පොල් වගා සඳහා වසර කිහිපයක් තිස්සේ නිසි සාත්තුවක් නොලැබීම නිසා යැයි පොල් සංවර්ධන මණ්ඩලය පවසයි. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාබනික පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් රසායනික පොහොර හිඟවීමෙන් පොල් ගසට වසර දෙකක් පමණ පොහොර අහිමි වූ බව පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ශාන්ත රණතුංග මහතා පෙන්වා දෙයි.

ඒ සමග පැමිණි ආර්ථික අර්බුදයත් සමග පොහොර මිල විශාල වශයෙන් ඉහළ යාමෙන් වසර 5-6ක් තිස්සේ පොල් ගසට නිසි සාත්තුවක් නොලැබීම අස්වැන්න අඩු වීමට හේතු වී ඇති බවද හෙතෙම කීවේය. ස්වාධීන රූපවාහිනි නාලිකාවේ වැඩසටහනකට සහභාගී වෙමින් පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා එම අදහස් පළ කළේය.

අතින් මිරිකා පොල් කිරි ගැනීම වෙනුවන බ්ලෙන්ඩර් කර ගැනීම මගින් ගෘහස්තව සිදුවන පොල් නාස්තිය අවම කර ගත හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

Related posts

ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ මගේ ජය-පැරදුම නොව, රටේ ජයග්‍රහණය හෝ පරාජයයි – ජනාධිපති

Editor O

ඡන්දය දමන්න ගිය ලංකාපුර ප්‍රාදේශීය සභාපති පූනානි යවයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට මූලිකත්වය ගන්නා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඉල්ලීමක්

Editor O

Leave a Comment