දේශීය

ඡන්දය දමන්න ගිය ලංකාපුර ප්‍රාදේශීය සභාපති පූනානි යවයි

(UTV | කොළඹ) – නිරෝධායන නිතී අනුව නිවස තුළ ස්වයං නිරෝධායනය කර සිටියදී  ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පවුලේ තිදෙනෙකු ඒ කිසිවක් නොතකා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් ඇත.

මේ හේතුවෙන් ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පවුලේ තිදෙනා නිරෝධායනය කිරිම සදහා වහාම පුනානි  නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව  ලංකාපුර ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ  කාර්යාලය පවසයි.

මෙසේ ස්වයං නිරෝධානය කර සිටියදී  ඡන්දය දමා ඇත්තේ ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ ඔහුගේ  බිරිඳ වේ.

ඊයේ පස්වරුවේ මොවුන් ඡන්දය දමා පැමිණ නිවසට වි සිටියදී පොලිසියට  ලැබුණ තොරතුරක් මත  පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සමග සභාපතිවරයාගෙන් විමසා සිටියදී ඡන්දය දැමිමට තමන් සහ තම බිරිද ගිය බව පිළිගෙන තිබේ.

ඒ අනුව සභාපතිවරයා  සහ දරුවන් දෙදෙනා නිරෝධායනය කිරිම සදහා පුණානි  නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව ලංකාපුර ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය පවසයි.

Related posts

අල්ලස් මුදලක් ලබාගත් පොලිස් පරීක්ෂක රිමාන්ඩ්

Mohamed Dilsad

වැල්ලම්පිටියේ එළිසබෙත් අත්අඩංගුවට

Mohamed Dilsad

ඌරගස්මංහන්දියේ වෙඩිතැබීම ගැන පුළුල් විමර්ශනයක්

Mohamed Dilsad

Leave a Comment