Trending Newsඑසැන පුවත්දේශීය

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපදේශකවරුන්ට ගෙවන්න රු. මිලියන 3,213ක් අනුර ඉල්ලයි. වැල්පාලමේ රෙදි නැතුව යන ආණ්ඩුව ගැන සජබ මන්ත්‍රී කබීර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි. (වීඩියෝ)

ණය ප්‍රතිව්‍යුගතකරණයට ක්‍රියාවලියට අදාළ මුල්‍ය හා නීති උපදේශකවරුන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන ලද ගෙවීම් ප්‍රතිපූර්ණය කිරීමට රුපියල් මිලියන 3,213 ක් මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවෙන් අනුමැතිය ඉල්ලා ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ රජය රට හදන්න වැල් පාර්ලිමේ ගියේ රෙදි ඇඳගෙන වුවත් අද ජනාධිපති අනුර දිසානායක මහතා හා වත්මන් ආණ්ඩුව වැල් පාර්ලිමේ යන්නේ රෙදි නැතුව යයිද ඔහු කියා සිටී. අද (05) පාර්ලිමේන්තුවේදී පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ද විවාදය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර දරන්නන් සමඟ ඇති ණය තිරසාර ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පෙර රජය ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගත යුතු බවත් ඔහු පැවසීය. ණය තිරසාර ගිවිසුම පිළිබඳ තොරතුරු මන්ත්‍රීවරුන් දැනගත යුතු බවත් පැවසූ ඔහු පසුගිය රජය ඇතිකරගත් එකඟතාවයෙන් ඉදිරියට යනවාද නැතිනම් අලුත් ගිවිසුමකට ගියාද යන්න දැනගන්න අවශ්‍ය යයිද පැවසුවේය.

වීඩියෝව මෙතනින්

Related posts

டெங்கு நோய் தொற்று மீண்டும் அதிகரிக்க கூடிய அபாயம்…

Mohamed Dilsad

National Environmental Conference 2018 under President’s patronage

Mohamed Dilsad

ගිලන් රථයකට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment