Trending Newsඑසැන පුවත්දේශීය

අතුරු සම්මත ගිණුමෙන් මාස 04 ට, මුදල් වෙන් කර තිබෙන විදිය මෙන්න

අතුරු සම්මත ගිණුමෙන් 2025 වසරේ පළමු මාස 04 සඳහා රජයේ කටයුතු පවත්වාගෙන යාම සහ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යෑමට, වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 1,402ක් පමණ වන බව සඳහන්.

වැඩිම මුදලක් වෙන්කර ඇති අමාත්‍යාංශය වන්නේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයටය. එම ප්‍රමාණය රුපියල් බිලියන 220.06කි. මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 186.02ක්ද, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 170.47ක්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 161.99ක්ද, ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 142.95ක්ද මෙම අතුරු සම්මත ගිණුමෙන් වෙන්කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 92ක් වන අතර කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 67.36ක් වේ.

https://www.scribd.com/document/800970938/1733334762024051#from_embed

Related posts

முல்லைத்தீவு மாவட்ட தனியார் பேருந்து உரிமையாளர்களது பணிப்புறக்கணிப்பு தொடர்கிறது

Mohamed Dilsad

Jordan hit by deadly flash floods

Mohamed Dilsad

ඇමෙරිකාවේ බද්දෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට අහිතකර බලපෑම් – කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

Editor O

Leave a Comment