Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

කියුබාව අඳුරේ : විදුලි සැපයුම බිඳවැටේ

කියුබාවේ ජාතික විදුලි සැපයුම බිඳවැටී ඇතැයි සඳහන්. එරට විශාලතම බලාගාරය ක්‍රියාවිරහිත වීම එයට හේතුවයි.

ඉන්ධන හිඟය, ස්වාභාවික විපත් සහ ආර්ථික අර්බුදය මධ්‍යයේ කියුබානු විදුලිබල පද්ධතිය අවුල් සහගත වී, පසුගිය කාලය තුළ බිඳවැටීම් කිහිපයක්ම වාර්තා වූ අතර මෙය එහි නවතම තත්ත්වය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

දිවයිනේ ප්‍රමුඛතම විදුලි නිෂ්පාදකයා වන මටැසාස් හි පිහිටි ඇන්ටෝනිඕ ගයිටර්ස් බලාගාරය අලුයම 2 ට පමණ අක්‍රිය වී ඇති අතර, එමගින් මුළු රටේම විදුලිබල පද්ධතිය කඩා වැටීමට හේතු වූ බව එරට බලශක්ති හා පතල් අමාත්‍යාංශය සඳහන් කරයි. කියුබාවේ තෙල් විදුලි බලාගාර මෙලෙස අක්‍රීය වන්නේ, වෙනිසියුලාවෙන්, රුසියාවෙන් සහ මෙක්සිකෝවෙන් එරටට කරන තෙල් ආනයනය අඩුවීමත් සමඟයි.

මෙම තත්ත්වය නිසා කියුබාවේ හවානා අගනුවර සම්පූර්ණයෙන්ම පාහේ අඳුරේ ගිල්වා ඇති අතර, නගරයේ ඇති විශාල හෝටල් සහ රජයේ ගොඩනැගිලි අතලොස්සක පමණක් විදුලිය ඇති බව වාර්තා වනවා.

Related posts

அங்கொட லொக்கா உட்பட இருவர் இந்தியாவில் கைது

Mohamed Dilsad

රාජ්‍ය සේවකයන් ට මේ වසරේ වැටුප් වැඩි කරන්නේ නැහැ. – ජනාධිපති

Editor O

මුරකරුගේ මරණයේ අභිරහස හෙළිවෙයි

Mohamed Dilsad

Leave a Comment