Trending News

මුරකරුගේ මරණයේ අභිරහස හෙළිවෙයි

ඉංගිරිය හඳපාන්ගොඩ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවේ මුරකරුගේ මරණයට හේතුව අනාවරණය කර තිබේ.

 

එම පුද්ගලයා අතුරුදන්ව ඇති බවට වාර්තාවූ අතර දින දෙකකට පසුව ඔහුගේ සිරුර අසල තිබූ ළිඳක තිබී හමුවිය.

 

එම මරණය ගෙල මිරිකීමෙන් සිදු වූ ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූ බව ඉංගිරිය පොලීසිය පැවසීය.

 

මෙලෙස ඝාතනය කර ඇත්තේ පාදුක්ක නිරියගල්ල පදිංචිව සිටි පල්ලිය බැදිගේ ප්‍රේමදාස නමැති 69 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

 

මියගිය පුද්ගලයා එම කර්මාන්ත ශාලාවේම නැවතී සේවය කර ඇති අතර ඉකුත් 7 වන සඳුදා පෙරවරු 10.30 පමණ සිට ඔහු අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.

 

අනතුරුව කර්මාන්තශාලාවේ හිමිකරුවන් සහ සේවකයන් ඔහු සොයා බැලුවද කිසිදු තොරතුරක් දැන ගැනීමට නොහැකි වී ඇතැයි පොලීසියට වාර්තා වී තිබුණි.

 

එම කර්මාන්ත ශාලාව ඉදිරිපිට තේ වත්තක හිමිකාරිය වත්තට ගොස් එහි තිබෙන පොල් ගස්වල පොල් වැටී ඇද්දැයි සොයා තම වත්තේ පිහිටා තිබෙන කැලෑවෙන් වටවූ වතුර නොමැති අනාරක්ෂිත ළිඳ තුළට එබිකම් කර බැලීමේදී පුද්ගලයෙකුගේ පාදවල යටි පතුල් දිය මතුපිට පෙනෙන්නට තිබී ඇති අතර අනතුරුව කර්මාන්තශාලාවේ හිමිකරුවන් විසින් ඒ බව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව හොරණ අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් කාන්ති කන්නංගර මහත්මියගේ නියෝග මත මළ සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හොරණ මූලික රෝහලේ තැන්පත් කෙරිණි.

 

ඊයේ (10) එම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණකරුගේ ගෙල ප්‍රදේශයේ අභ්‍යන්තරයේ ඇති වූ තුවාල ස්වාභාවිකව ඇතිවූ තුවාල නොවන බවත් ගෙල සිර කිරීමක් වැනි ක්‍රියාවක් හේතුවෙන් සිදු වූ තුවාල බවට වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය කර තිබේ.

Related posts

A new controlled price on local rice – says Min. Rishad

Mohamed Dilsad

Rs. 1,388 million allocated to develop Kalutara district hospitals

Mohamed Dilsad

PM Modi to open Dickoya hospital

Mohamed Dilsad

Leave a Comment