Trending Newsඑසැන පුවත්දේශීය

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගැනීම ගැන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගෙන් ප්‍රකාශයක්

මහවිරු සැමරුම් ප්‍රවර්ධනය කිරීමේ යයි සමාජ ජාල ක‍්‍රියාකාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම මගින් සමාජ මාධ්‍ය පාලය කිරීමේ ආණ්ඩුවේ දේශපාලන සුජාතභාවය විනාශ කර ගැනීම ආරම්භ කර ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

ආණ්ඩුව අභියෝග සඳහා මුහුණ දීමේ දී කිසිදු පරිණතභාවයක් පිළිබිඹු නොකරන බවත් මෙවැනි ක්‍රියාවල ප්‍රතිඵලය ආණ්ඩුවට පමණක් නොව ආණ්ඩුව පත්කිරීම සඳහා පෙනී සිටි අයට ද භුක්ති විඳීමට සිදුවන බවත් ඒ මහතා කියා සිටී.

කිසිවෙකු අත්අඩංගුවට ගෙන අසත්‍ය ප්‍රචාර පාලනය කිරීමට හැකි යැයි සිතීම මෙන් ම අසත්‍ය ප්‍රචාරය සඳහා ජනයා රැවටේ යැයි සිතීම ද වැරදි බව පවසන ඒ මහතා වර්තමාන ආණ්ඩුවට ජනතාව අතිවිශාල බලයක් ලබා දුන්නේ ද මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුවන කාලයක බවත් පෙන්වා දෙයි.

වර්තමාන ආණ්ඩුවට වඩා ස්ථාවර ජනප්‍රියත්වයක් තිබූ රාජපක්ෂ ආණ්ඩුවේ විනාශයට ද මෙවැනි රාජ්‍ය මර්දන ක්‍රියා බලපෑ බව මහාචාර්ය දේවසිරි අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් කියා සිටී.

එම ප්‍රකාශයේ සැබැඳිය පහතින්

Related posts

මැතිවරණ ගැසට් නිවේදනය පිලිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 91,000 ඉක්මවයි

Mohamed Dilsad

புத்தளம் குப்பை தொட்டி திட்டத்திற்கு எதிரான எதிர்ப்பு பேரணி

Mohamed Dilsad

Leave a Comment