Trending Newsඑසැන පුවත්දේශීය

සෝමාවතී පුදබිම ජලයෙන් යටවෙයි

මහවැලි ගඟ පිටාට ගැලීමෙන් ඓතිහාසික සෝමාවතීය පුදබිම අද (28) වන විට අඩි හතරක් පමණ ජලයෙන් යට වීමත් සමග එහි ස්වාමීන් වහන්සේලා තුන්නමක්, ශ්‍රී ලංකා පොලිසිය, යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් මෙන්ම විහාරස්ථානයේ දායකයන් 60 කට ආසන්න පිරිසක් කොටුවී සිටිති.

සෝමාවතීය පුදබිමේ සිටින එම සිටින එම පිරිසට දින කිහිපයකට අවශ්‍ය වියළි ආහාර විහාරස්ථානයේ පවතින බවත්, වියළි ආහාර අවශ්‍යතාවයක් ඇති වුහොත් ඒ සඳහා ඉතා කඩිනමින් ලබාදීමට පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන ඇති බවද ආපදා සහන සේවා නිලධාරී පාලිත උපුල් කුමාර මහතා සඳහන් කළේය.

සෝමාවතිය විහාරස්ථානයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා කිහිප නම විසින්, මෙන්ම එහි රැඳී සිටින ආරක්ෂක නිලධාරීන්ගේ සහය ඇතිව බෝට්ටු ආධාරයෙන් ගොස්, උදෑසන හා දහවල් බුද්ධ පූජාව පැවැත්වීමට කටයුතු කරගෙන තිබේ.

Related posts

Chandimal found guilty of changing ball condition

Mohamed Dilsad

බවුසරයක් හා මෝටර් රථයක් ගැටීමෙන් 05 දෙනෙකු රෝහලේ

Mohamed Dilsad

கேரளா கஞ்சாவுடன் இருவர் கைது

Mohamed Dilsad

Leave a Comment