දේශීය

බවුසරයක් හා මෝටර් රථයක් ගැටීමෙන් 05 දෙනෙකු රෝහලේ

ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් රථයක් සහ මොටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් මොටර් රථයේ ගමන් කළ පුද්ගලයන් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

 

ඊයේ (12) රාත්‍රී 10ට පමණ එම අනතුර සිදුව තිබුණේ, හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දිඹුලපතන මංසන්ධියේදීය.

 

වැලිමඩ සිට කොටගල දෙසට ධාවනය කරමින් තිබු බවුසර් රථයක් සහ නොර්වුඩ් සිට තලවකැලේ දක්වා ධාවනය කළ මොටර් රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.

 

මෝටර් රථය ධාවනය කළ රියදුරු අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බව වාර්තා වෙයි.

 

අනතුරෙන් තුවාල ලැබු මොටර් රථයේ ගමන්ගත් තුවාලකරුවන් පස් දෙනා, නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20-30 වයස් කාණ්ඩවල පසුවන බව පොලීසිය පවසයි.

 

තුවාලකරුවන් දිඹුල පතන පොලීසියේ නිලධාරින්, ප්‍රදේශවාසින් එක්ව රෝහල්ගත කර ඇත.

 

අනතුරෙන් මොටර් රථයට සහ බවුසර් රථයට දැඩි අලාභ හානි සිදුවී ඇති බව අප වාර්තාකරු පැවසීය.

 

 

Related posts

මාලදිවයිනේ කතානායක මොහොමඩ් නෂීඩ් දිවයිනට

Mohamed Dilsad

කිලෝ 6000ක බර ගෙනයා හැකි, මිනිසුන් රහිත ගුවන් යානයක්

Editor O

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ෆයිසර් එන්නත

Mohamed Dilsad

Leave a Comment