දේශීය

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන ශ්‍රේණියේ වෙනසක්

ඉදිරියේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේ දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට සොයා බලමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

 

කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.

 

ආරම්භක යුගයේ දී සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් මුහුණ දුන්නේ 10 ශ්‍රේණියේ දී වුවත් පසුකලක දී එය 11 වසර දක්වා වසරකින් දිගු වූ බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

 

ඒ අනුව 10 ශ්‍රේණියේ දී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඉදිරියේ දී අධ්‍යාපන පරිවර්තනයේ දී මෙම කටයුත්ත පිළිබඳව ද සලකා බැලීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

එමෙන්ම මෙම කාර්යය එක්වර සිදුකළ නොහැකි 1, 6 හා 10 ශ්‍රේණිවලින් ආරම්භ වන සේ ප්‍රාථමික, කණිෂ්ඨ ද්විතීයක, ජ්‍යෙෂ්ඨ ද්විතීයක වශයෙන් වූ වර්ගීකරණ අවස්ථා තුනක යටතේ සිදුකිරීමට අපේක්ෂිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

 

ඉතා කෙටි කලක් තුළ අධික වේගයකින් දැනුම දෙගුණ වන දැනුම් සමාජයක අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදුකර නව අධ්‍යාපන පරිවර්තනීය වෙනසක් ඔස්සේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු තමන් ගමන් කළ යුතු අනාගත දිශානතිය තෝරාගැනීමේ ස්වාධීනත්වය ඇති දරු පරපුරට උරුම කර දීමේ පදනම සකස් කළ යුතු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

 

 

Related posts

20 වන සංශෝධනය සම්බන්ධයෙන් ජනපති පැහැදිළි කරයි

Mohamed Dilsad

අමාත්‍යවරු භාවිතා කළ නිල නිවාසවලට කරන්න යන දේ

Editor O

යුද හමුදා වෑන්රථයක් අනතුරක

Mohamed Dilsad

Leave a Comment