දේශීය

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ෆයිසර් එන්නත

(UTV | කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම අධ්‍යාපන කලාපවල අපොස උසස් පෙළ විභාගයට පළමු වරට පෙනී සිටි සහ මෙවර පෙනී සිටීමට බලාපොරොත්තු වන දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමේ කටයුතු ලබන 15 වෙනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.

අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම් එල්.එම්.ඩී ධර්මසේන මහතා කියා සිටියේ විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින පාසල් වල දරුවන්ට එම පාසල තුළදී එන්නත ලබා දෙන බවයි.

අවම ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින පාසල් කිහිපයක දරුවන් තෝරාගත් එක් පාසලක් වෙත යොමු කර එහිදී එන්නත ලබා දීමටයි සැළසුම් කර ඇත්තේ.

කොළඹ දිස්ත්‍රික්කයට අමතරව සෙසු දිස්ත්‍රික්කවල අපොස උසස් පෙළ විභාගයට පළමු වරට පෙනී සිටි සහ මෙවර පෙනී සිටීමට බලාපොරොත්තු වන දරුවන්ට කොවිඩ් එන්නත දීමේ කටයුතු ලබන 21 වෙනිදා පළමු අදියර යටතේ පාසල් විවෘත කිර්ීමෙන් පසුව ආරම්භ කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්.එම්.ඩී ධර්මසේන මහතා කියා සිටියා.

Related posts

උතුරු – උතුරු මැද විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

බේරේ වැව පිරිසිදු කිරීමට චීන සහය ලබා ගැනීමට සාකච්ඡාවක්

Editor O

Leave a Comment