Trending Newsඑසැන පුවත්දේශීය

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස, මාලිමාවෙන් පුරවති. මාලිමාවේ 60ක් දැනටම පෝලිමේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලමින් ජාතික ජන බලවේගයේ නවක මන්ත්‍රීවරු හැටකට අධික ප්‍රමාණයක්, මේ වන විට අයදුම්පත් යොමු කර ඇතැයි වාර්තාවේ. තව දුරටත් අයදුම්පත් ලැබෙන බවද වාර්තාවේ. මාදිවෙල නිල නිවාස ලබා ගැනීම සඳහා මාලිමා මන්ත්‍රීවරු අතර, තරඟයක් ඇතිවී තිබෙන බවද වාර්තාවෙයි.

මැතිවරණයට පෙර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂකයන් සඳහන් කළේ නිල නිවාස අවශ්‍ය නැති බවකි. එම අපේක්ෂකයන්ගෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූවන් නිල නිවාස අවශ්‍ය බවට තැන, තැන, මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කර තිබිණ,

නවක මන්ත්‍රීවරුන්ට එම නිල නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන් කිරීම එළඹෙන තුන්වෙනිදා ආරම්භ කිරීමට නියමිතව තිබේ.නවක මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා එම නිවාස සංකීර්ණය මේ දිනවල අලූත් වැඩියා කටයුතු කරමින් සිටී. මෙහි මන්ත‍්‍රීවරුන් එකසිය දහයකට පමණ නිල නිවාස සපයා දීමේ හැකියාවක් තිබේ.

Related posts

அமைச்சர் ரவி கருணாநாயக்க இலஞ்சம் அல்லது ஊழல் தடுப்பு ஆணைக்குழு முன்னிலையில்

Mohamed Dilsad

“Intellectuals leaving the motherland have become a major problem” – President

Mohamed Dilsad

දළදා මාළිගාව වැඳපුදා ගැනීමෙන් පසු ජනාධිපති, පාර්ලිමේන්තුව ගැන කළ ප්‍රකාශය

Editor O

Leave a Comment