Trending Newsඑසැන පුවත්දේශීය

අතුරු සම්මත විවාදය දෙසැම්බර් 05-06 : අයවැය යෝජනා ජනවාරි 09 පාර්ලිමේන්තුවට

2025 වර්ෂයට අදාළව ඉදිරිපත් කරන අයවැය යෝජනා 2025 ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස අද (26) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වන මාස හතරක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍ය ජනාධිපති අනුර දිසානායක අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වූ වියදම්, ණය සේවා, ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අතුරු සම්මත ගිණුම සකස් කරනු ඇත. අතුරු සම්මත ගිණුම විවාදය දෙසැම්බර් 5 සහ 6 යන දෙදින තුළ  පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේ දී එකඟත්වයකට පැමිණ තිබේ.

2024 වර්ෂයේ ඉදිරි කාලය තුළ ඇතැම් අත්‍යවශ්‍ය වියදම් දැරීම හා ගිණුම්ගත කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන, පරිපූරක ඇස්තමේන්තුවක් මගින් සලසා ගත යුතුව ඇති බැවින් ඒ සඳහා හඳුනාගනු ලැබූ ඇතැම් වියදම් 2024 අනුමත විදයම් ඇස්තමේන්තු සීමාව තුළ ප්‍රතිපාදන ගැලපීම මගින් සිදු කිරීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව රුපියල් මිලියන 219,373ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් සඳහා වන යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

Related posts

Curfew imposed in Negombo lifted

Mohamed Dilsad

இலங்கையுடனான இருபதுக்கு – 20 தொடரில் தென்னாபிரிக்க அணிக்கு இரு தலைவர்கள்

Mohamed Dilsad

Police fire tear-gas to disperse IUSF protest

Mohamed Dilsad

Leave a Comment