Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව ට මන්ත්‍රීවරු නම් කිරීම අද

සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (22) දිනයේ ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව අද දිනයේ රැස්වී අදාළ තීරණය ගැනීමට නියමිත බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. සමගි ජන බලවේගය පක්ෂය සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5ක් හිමිවු අතර මේ වනවිටත් ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා දිවුරුම්දී තිබේ. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4 සඳහා වන නම් අද (22) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන බවයි පැවසෙන්නේ.

මේ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එරාවූර් නගර සභාවේ හිටපු සභාපති එම්. එස්. නලීම් මහතාව පත් කර තිබේ.

Related posts

மழையுடனான வானிலை…

Mohamed Dilsad

ஆணைக்குழு ஒன்றை நியமிக்க உத்தேசம்…

Mohamed Dilsad

Premier asks public to vote for Sajith to ensure rights are upheld

Mohamed Dilsad

Leave a Comment