Trending Newsඑසැන පුවත්දේශීය

කෙඳිරි නොගා බදු අඩු කර ජනතාවට සහන දෙන්න – පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම්

ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දී ඇති නිසා දැන් කෙඳිරි නොගා කලින් කියූ පරිදි බදු අඩු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම එම අදහස් පළ කළේය.

මෙච්චර කල් වැට් බද්ද අඩු කරන්න බෑ. පෙට්‍රල් මිල අඩු කරන්න බෑ. පාර්ලිමේන්තුවේ බලයක් නෑ කිය කියා කෙඳිරිගෑවනේ. දැන් කෙඳිරි ගාන්න දෙයක් නෑ. ජනතාව තුනෙන් දෙකක බලයක් දීලා තියෙනවා. ඒක නිසා කඩිනමින් ජනතාවට සහන ලබාදීමට අනුර දිසානායකගේ ආණ්ඩුව පියවර ගත යුතු බවද කාරියවසම් මහතා සඳහන් කරයි.

Related posts

කොරෝනා ආසාදිතයන්ගෙන් තවත් 9 ක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

புத்தளத்தில் இன்று(15) ஹர்த்தால்..

Mohamed Dilsad

හෙලිකොප්ටර් අනතුරෙන් ප්‍රධාන නියමුවා ජීවිතක්ෂයට

Editor O

Leave a Comment