Trending News

විධායකය අධීක්ෂණයට කමිටුවක් පිහිටුවා ආණ්ඩුව කරන්න යන දේ.

කැබිනට් මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කරමින් ඔවුන්ට සහාය ලබාදීම සඳහා 10 දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පිහිටුවීමට ආණ්ඩුව සූදානම් වන බවට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන සියලු යෝජනා, ව්‍යාපෘති, ටෙන්ඩර් පටිපාටි යනාදී සියල්ල මෙම විශේෂ කමිටුවේ අධීක්ෂණය යොමු කිරීම සහ එයට අදාළ සංශෝධන සහ උපදෙස් ලබාදීම ඇතුළු කාර්යයන් එම කමිටුවෙන් සිදු කෙරෙන බව ද සඳහන්. .

දූෂණ, වංචා, අක්‍රමිකතා සිදුවීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම වැළැක්වීම මෙහි අරමුණ යැයි අනාවරණය වේ. අමාත්‍යවරුන්ගේ අභිමතය පරිදි හෝ ඉහළ නිලධාරීන්ගේ මෙහෙයවීම පරිදි කැබිනට් මණ්ඩලයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් සිදුවූ විවිධ අක්‍රමිකතා, වංචා, දූෂණ පිළිබඳව පසුගිය කාලයේ සිදුවීම් ගණනාවක්ම වාර්තා වී තිබුණු අතර මෙවන් විශේෂ කමිටුවක් හරහා එවන් සිදුවීම් සහමුලින්ම ඇහිරීමට හැකිවනු ඇත.

Related posts

ஶ்ரீலங்கா சுதந்திர கட்சிக்கு புதிய அரசியல் சபை

Mohamed Dilsad

நாணய சுழற்சியில் இலங்கை வெற்றி!

Mohamed Dilsad

சிங்கப்பூரில் இன்று விசேட உரையொன்றை ஆற்றவுள்ள ஜனாதிபதி மைத்ரிபால சிறிசேன

Mohamed Dilsad

Leave a Comment