Trending Newsඑසැන පුවත්දේශීය

ලොහාන්ට ඇප ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා ලබන 19 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

අදාළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළ බව සඳහන් වේ. එදින මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් අධිකරණය පෙත්සම්කාර පාර්ශයට දැනුම් දී තිබේ.

Related posts

OMP consultations commences in Mannar tomorrow

Mohamed Dilsad

நாணய சுழற்சியில் வெற்றிபெற்ற இங்கிலாந்து!

Mohamed Dilsad

ගුරු ස්ථාන මාරු ගැටලු පිළිබඳ විමසීමට දුරකතන අංකයක්

Mohamed Dilsad

Leave a Comment