Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර, 20-20 ක්‍රිකට් තරඟය අද රෑ 07 ට දඹුල්ලේදී

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරග 2කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය දඹුල්ලේදී අද (09) රාත්‍රී 07ට ආරම්භ කිරීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන 10වැනි විස්සයි20 තරගාවලිය මෙයයි. ඉන් තරඟාවලි 5ක ජය තහවුරු කරගැනීමට නවසීලන්තය සමත්ව සිටින අතර, අවසන්වරට පැවැත්වූ තරගාවලි 4හිම ජය තහවුරු කරගෙන සිටින්නේද ඔවුන්ය. ශ්‍රී ලංකාවට මේ දක්වා ජයගැනීමට හැකිව ඇත්තේ එක් තරගාවලියක් පමණක් වන අතර, තරගාවලි තුනක් ජයපරාජයෙන් තොරව අවසන් වී ඇත. එමෙන්ම මෙය දෙරට අතර පැවැත්වෙන්නේ 24වැනි විස්සයි20 ජාත්‍යන්තර තරගයයි. මේ දක්වා පැවති තරග අතරින් තරග 7ක් ශ්‍රී ලංකාවද, තරග 13ක් නවසීලන්තයද ජයගෙන ඇත.  ඊට අමතරව තරග 2ක් ලකුණු සමවද, එක් තරගයක් විසඳුමක් නොමැතිවද අවසන් වී ඇත.

Related posts

Nigerian Army delegates visits Jaffna for consultations

Mohamed Dilsad

தகவல் வாரம் இன்று முதல்…

Mohamed Dilsad

කොළඹ රථවාහන වේගය පැයට කිලෝමීටර් 5 දක්වා අවම කිරීමේ තීරණයක්

Mohamed Dilsad

Leave a Comment