Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්දය ප්‍රකාශ කිරීමේදී අනන්‍යතාව තහවුරු කළ හැකි ලේඛන මෙන්න

පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරී­මේ දී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳු­නු­ම්පත පැරණි හෝ නව වලංගු විදේශ ගමන් බල­ප­ත්‍රය, රියැ­දුරු බල­ප­ත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රා­මික හැඳු­නු­ම්පත, ඊ හැඳු­නු­ම්පත සහ වැඩි­හිටි හැඳු­නු­ම්පත, පුද්ග­ල­යන් ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේ­න්තුව නිකුත් කර ඇති පූජ්‍ය හෝ පූජක හැඳු­නු­ම්පත, හැඳු­නු­ම්පත නොමැති වීම නිසා පුද්ග­ල­යන් ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේ­න්තුව නිකුත් කර ඇති තාව­කා­ලික හැඳු­නු­ම්පත, ආබා­ධි­ත­යන් සඳහා මැති­ව­රණ කොමි­සම නිකුත් කර ඇති හැඳු­නු­ම්පත භාවිත කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ කිසි­වක් නොමැති නම් මැති­ව­රණ කොමි­ස­මෙන් තාව­කා­ලික හැඳු­නු­ම්ප­තක් ලබා ගත හැකි වන අතර අපැ­හැ­දිලි හැඳු­නු­ම්පත් ඒ ආකා­රයේ කිසිදු හැඳු­නු­ම්ප­තක් හෝ ඡයා­රූ­පය සඳ­හන් කිසිදු ලිය­වි­ල්ලක් භාවිත කළ නොහැ­කි බවද මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි

Related posts

அனைத்து பல்கலைகழக மாணவ ஒன்றியத்தின் வாகன பேரணி இன்று கொழும்பிற்கு

Mohamed Dilsad

Files on LTTE and MI5 in Sri Lanka erased at UK Foreign Office

Mohamed Dilsad

විදෙස් නෞකාවල සේවය කළ ලාංකිකයන් ඇතුලු පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment