දේශීය

විදෙස් නෞකාවල සේවය කළ ලාංකිකයන් ඇතුලු පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – අද (27) අලූයම විදේශ රටවල සිට ශ්‍රී ලාංකිකයන් ඇතුලූ ගුවන් මගීන් 55 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

කටාර් සිට පැමිණි කිව්. ආර්. 668 දරණ ගුවන් යානයෙන් අද අලූයම 1.30ට පමණ ඔවුන් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ ඇත.

විදේශ රටවලට අයත් නෞකාවල සේවය කළ ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු සහ මෙරට පිහිටි විදේශ තානාපති කාර්යාලවල සේවය කරන පවුල් දෙකකට අයත් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අටදෙනෙකුද එලෙස දිවයිනට පැමිණ ඇති බව සඳහන් වේ.

ගුවන් තොටුපල වෙත පැමිණීමෙන් අනතුරුව මෙම පිරිස පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කිරීමෙන් පසු නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

Related posts

ජපාන ණය ගිවිසුම් සංශෝධනයට කැබිනට් අනුමැතිය

Editor O

රත්මලාන, ශ්‍රී ජන මාවත තාවකාලිකව වසා දමයි

Mohamed Dilsad

මැයි 05 සහ 06 මැතිවරණය දිනය සහ පසු දින බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරයි.

Editor O

Leave a Comment