Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සිංගප්පූරුවෙන් ඛණිජ තෙල් ගෙන්වීමේ දිගු කාලීන කොන්ත්‍රාත්තුවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

ඛණිජ තෙල් ආනයනය සඳහා, සිංගප්පූරුවේ විටෝල් ඒෂියා පෞද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත ඇත. 2024-12-01 දින සිට 2025-05-31 දින දක්වා කාලය තුළ පෙට්‍රල් 92 යූඑන්අයි නැව් තොග 5ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2024-12-01 දින සිට 2025-05-31 දින දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Unl නැව් තොග 5ක් (බැරල් මිලියන 1.5ක්) දිගු කාලීන කොන්ත්‍රාත්තුවක් යටතේ සපයා ගැනීම පිණිස ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ගබඩාගත ටැංකි වලින් නිකුත් කිරීමේ දී ගෙවීමේ ක්‍රමවේදය සහ නෞභාර පත නිකුත් කළ දින සිට දින 30කින් ණයවර ලිපියක් මඟින් ගෙවීම් කිරීමේ ක්‍රමවේදය යන විකල්ප ගෙවීම් කොන්දේසි යටතේ ලංසු කැඳවා ඇත. ඒ අනුව, ලංසු 7 ක් ලැබී ඇති අතර, මූලික ඇගයීමේදී ලංසු 3 ක් ප්‍රතික්ෂේප වී තිබේ.

ස්ථාවර තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අදාළ කොන්ත්‍රාත්තුව නිකුත් කළ දින සිට දින 30 කින් ණයවර ලිපියක් මඟින් ගෙවීම් කිරීමේ ක්‍රම වේදය යටතේ සිංගප්පූරුවේ විටෝල් ඒ ෂියා පෞද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related posts

වැඩ බලන පොලිස්පති ජනපති කොමිසමට

Mohamed Dilsad

ඇසළ පෙරහැර සාර්ථකව අවසන්

Mohamed Dilsad

Cabinet reshuffle further empowers UNP: GL

Mohamed Dilsad

Leave a Comment