Trending Newsඑසැන පුවත්දේශීය

රේගු නිලධාරීන් 04 දෙනෙකු ට වසර 35ක සිරදඬුවම් සහ විත්තිකරුවෙක්ට මිලියන 125 බැගින් දඩ

ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (06) බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කර තිබේ. 2015 වසරේදී ලංකා ගමනාගමන මණ්ඩලයට සැපයීම සඳහා ආනයනය කළ බස් රථ අමතර කොටස් මුදාහැරීම සඳහා පංචිකාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 125 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරුවන් වීම හේතුවෙන් එම දඬුවම් නියමි කර තිබේ.

එයට අමතරව එක් එක් විත්තිකරුවෙකුට රුපියල් මිලියන 125 බැගින් දඩ නියම කරන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නියෝග කළේය.

Related posts

“Drone Delivery of Medicine; a possible life saving technology in disaster management for Sri Lankan context’’ ‘Technology already embraced by India’

Mohamed Dilsad

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 8,018 ක් නැවත සේවයට

Mohamed Dilsad

விசேட டெங்கு ஒழிப்புத் திட்டம் நாளை(08) முதல்

Mohamed Dilsad

Leave a Comment