Trending Newsඑසැන පුවත්දේශීය

රේගු නිලධාරීන් 04 දෙනෙකු ට වසර 35ක සිරදඬුවම් සහ විත්තිකරුවෙක්ට මිලියන 125 බැගින් දඩ

ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (06) බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කර තිබේ. 2015 වසරේදී ලංකා ගමනාගමන මණ්ඩලයට සැපයීම සඳහා ආනයනය කළ බස් රථ අමතර කොටස් මුදාහැරීම සඳහා පංචිකාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 125 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරුවන් වීම හේතුවෙන් එම දඬුවම් නියමි කර තිබේ.

එයට අමතරව එක් එක් විත්තිකරුවෙකුට රුපියල් මිලියන 125 බැගින් දඩ නියම කරන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නියෝග කළේය.

Related posts

President Trump Meets North Korea’s Kim Jong-Un for their highly anticipated summit

Mohamed Dilsad

Two landslides reported in Deniyaya and Baduraliya

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් හිටපු විධායක නිලධාරී සහ බිරිඳ CID භාරයට

Mohamed Dilsad

Leave a Comment