Trending Newsඑසැන පුවත්දේශීය

සූජීව සේනසිංහ මහතාගේ කොල්ලුපිටිය නිවස පොලිසියෙන් සෝදිසි කරයි. – සැක කටයුතු කිසිවක් හමුවී නැහැ.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගේ කොල්ලුපිටියේ මල් පාරේ පිහිටි නිවස පොලිසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර ඇතැයි සඳහන්. නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සහ හමුදා කැලෑ ඇඳුම් කිහිපයක් එම නිවසේ ඇති බවට ලද තොරතුරකට අනුව පානදුර, වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරින් කණ්ඩායමක් විසින්.එම නිවස සෝදිසි කර ඇතැයි සඳහන්.

අධිකරණයෙන් ලබාගත් සෝදෙසි වරෙන්තුවක් අනුව එම හදිසි පරික්ෂා කර ඇතැයි සඳහන්. කෙසේවෙතත් එම ස්ථානයේ තිබී සැකකටයුතු කිසිවක් සොයාගෙන නොමැති පොලීසිය සඳහන් කරයි.

එම නිවස හදිසි පරික්ෂා කළ අවස්ථාවේ සුජීව සේනසිංහ මහතා එම නිවසේ රැඳී සිට නැහැ.සේවකයෙකු පමණක් එහි රැඳී සිට ඇතැයි සඳහන්. පසුව ඔහු ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් විමසා ඇත්තේ සිය නිවස සැබෑ ලෙසම පරික්ෂාවට ලක් කළේ පොලිස් නිලධාරින් ද යන්න සොයා බලන ලෙසයි.

Related posts

ඉංජිනේරු සංස්ථා සභාපති සිරකර තබාගෙන සේවකයන් විරෝධතාවයක

Mohamed Dilsad

அலோசியஸ் மற்றும் கசுன் பலிசேன மீண்டும் விளக்கமறியலில்

Mohamed Dilsad

අපනයන ආදායම නොසිතූ ලෙස ඉහළට

Mohamed Dilsad

Leave a Comment